සංවේදී සිදුවීම් වාර්තාකරණය පිළිබඳ විවෘත සංවාදයක් ‘සේයා ඇත්තටම මැරුවේ කවුද? මැරුවට පස්සෙත් දියණිය දූෂණය කළේ කවුද?‘ මැයෙන් අද (23) සවස 3ට බොරැල්ල නගරෝදය ශාලාවේදී (කැම්බල් පිටිය අසල) පැවැත්වීමට නියමිතය.
ආචාර්ය, නීතීඥ ප්‍රතිභා මහානාමහේවා, ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සජීව සමරනායක, මාධ්‍යවේදී විමලනාත් වීරරත්න, නාලක ගුණවර්ධන, සුමිත්‍රා රාහුබද්ධ,විදර්ශන කන්නංගර මහත්ම මහත්මීහු කෙටි දේශන පවත්වති.
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධානය කරන මෙම වැඩසටහනට මහජන නියෝජිතයන්, සිවිල් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ද සහභාගී වීමට නියමිතය.

