තරිඳු ජයවර්ධන
සංවිධාන ගත පිටස්තර කොටස් විසින් මහනුවර ප්‍රදේශයේ ජන කොටස් අතර භීතිය, අසමගිය හා වෛරය පතුරුවනු ලබමින් සිටින බව නිරීක්ෂණය වන්නේයැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.
මෙවැනි සිද්දීන්ට අනුබල දෙන හා සංවිධානාත්මක ශක්තියෙන් පෝෂණය කරන පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද එම කොමිෂන් සභාව ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙලෙස ඉල්ලා ඇත්තේ අද (07) ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිපියක් යවමිනි.
එම කොමිෂන් සභාව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට යොමු කළ ලිපි පහත දැක්වේ.