සංවිධාන හතරකට කොටුවේ උද්ඝෝෂණ තහනම්


තව්හිද් ජමාද්, බොදුබල සේනා සහ සිහල රාවය සංවිධාන වලට බදාදා (13) කොළඹ කොටුවේ උද්ඝෝෂණ තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළ බව පොලිසිය කියයි.

මේ සංවිධාන තුන කොළඹ කොටුවේ උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඒ ගැන අධිකරණයට දැනුම් දී මේ නියෝගය ලබා ගත් බව පොලිසිය සඳහන් කරයි.