සංවර්ධනයට බිලියන 200ක් - අගමැති



(අංජුල මහික වීරරත්න)
 

රට පුරා සංවර්ධනයේ නව පෙරලියක් ඇති කිරීම සඳහා මේ වසරේදී සහ ලබන වසරේදී රුපියල් බිලියන 160 – 200 අතර මුදලක් වියදම් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පන්විල කැලෑබොක්කේදී අද (1) පැවැසීය.
 
ඉඩම් නැති ජනතාවට ඉඩමක අයිතිය ලබා දීම ඩි.එස්. සේනානායක යුගයේ සිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව කී අග්‍රාමාත්‍යවරයා හිට්ලර්ගේ සහෝදරයාට මෙවැනි දේ කරන්නට නොහැකි වූවාට තමා කරන්නේ කුමක්දැයි  ප්‍රශ්න කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ලබා දීම සඳහා රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය ඇරඹූ හරිත භූමි වැඩසටහනට සහභාගී වෙමිනි.
 
කැලෑබොක්ක රජයේ වතුයායේ ක්‍රීඩාපිටියේදී මෙම උත්සවය පැවැත්විණි. වතු කම්කරු ජනතාව සඳහා පර්චස් 7 බැගින් ඉඩම් කැබලි 500ක් මෙහිදී පවරා දෙනු ලැබීය.

ඡායාරුප- ජයමාල් චන්ද්‍රසිරි