
(අංජුල මහික වීරරත්න)
රජයේ සංවර්ධන දැක්ම තිරසාරත්වය සහ මානව ගරුත්වය මුල් කරගත්තක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
සෑම ප්‍රජාවකගේම ජීවන තත්ත්වය නඟා සිටුවීම වගේම සංවර්ධනය රටේ සෑම තැනකටම ළඟා වන බව සහතික කිරීම රජයේ අරමුණ වන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
ක්සත් ජාතීන්ගේ සංවිධානයේ 80 වන සංවත්සරය සහ ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින හවුල්කාරිත්වයේ 70 වසර සනිටුහන් කරමින් "Our UN " යන ගෝලීය තේමාවෙන් කොළඹ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති 2025 එක්සත් ජාතීන්ගේ දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
"එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, සාමය, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ තිරසාර සංවර්ධනය යන පොදු මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා රජය කැපවී කටයුතු කරනවා. විශේෂයෙන් ගෝලීය අභියෝගවලට මුහුණ දීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීම මත සිදු වන බහුපාර්ශ්වික සහයෝගීතාවය ඉතා වැදගත් යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

																	
																	
																	
																	
																	
																	