සංවර්ධනය මුවාවෙන් පූජා භූමි ඉඩම් කොල්ලයක්


පූජාභූමි සංවර්ධනය කිරීමේ මුවාවෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය විහාර දේවාලගම්වලට අයත් ඉඩම් කොල්ලයක නිරත වන බව ඉනාමළුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රන්ගිරි දඹුළු පාර්ශ්වයේ මහනාහිමියෝ රංගිරි දඹුළු විහාරයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කළහ. මේ කොල්ලය නතර කරන්නට රජය වහා පියවර ගත යුතු  යැයි ද එසේ නොවන්නේ නම් රජයට හා බුද්ධ ශාසන අමාත්‍යාංශයට විරුද්ධව දිවි පරදුවට තබා දැඩි ක‍්‍රියාමාර්ගයක යෙදෙන බව ද නාහිමියෝ පැවසූහ.