සංවර්ධනය ගැන අමාත්‍යංශ ලේකම්වරුන්ට වැඩමුළුවක්


සුජිත් හේවාජුලිගේ 
 
රජයේ ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මැති ඇමතිවරුන්ට හා අමාත්‍යංශ ලේකම්වරුන්ට විශේෂ වැඩමුළුවක් පවත්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ආර්ථික සභාවට අද (15) උපදෙස් දී ඇත.

 
රජයේ ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව දැනුම්වත් කර ඉදිරි  කටයුතු සඳහා ඒ අයගේ උපදෙස් ගන්නැයිද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.
 
ජනාධිපතිවරයා මේ උපදෙස් දී ඇත්තේ ජාතික ආර්ථික සභාව ජනාධිපති කාර්යාලයේදී අද (15) රැස්වු අවස්ථාවේදීය.
 
ජාතික ආර්ථික සභාව මගින් ඉදිරිපත් කෙරුණු රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදි දීර්ඝව සාකච්ඡා කෙරිණි.මේ වැඩපිළිවෙළ දැනට ක්‍රියාත්මක සියලු සංවර්ධන වැඩසටහන් ඒකාබද්ධ කරගනිමින් ක්‍රියාවට නැංවීම පිළිබඳවද අවධානය යොමු කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
 
රජයේ ආර්ථීක සංවර්ධන වැඩපිළිවෙළ ඒකාබද්ධ සීඝ්‍රගාමී ග්‍රාමීය සංවර්ධන වැඩසටහන මූලික කර ගනිමින් ක්‍රියාවට නැංවීමට නියමිතය.
 
කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් සාර්ව , ශුද්ධ හා ව්‍යුහාත්මක  කොටස් තුනක් යටතේ ඒ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට ද ජාතික ආර්ථික සභාව බලාපොරොත්තු වෙයි.