අංජුල මහීක වීරරත්න
යහපාලන ජාතික රජයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතාව අතට පත් කිරිමේ දස දිනක දැවැන්ත වැඩපිළිවෙළක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 12 වැනි දා සිට 21 වැනි දා දක්වා ක්‍රියාත්මක කෙරේ.
ජාතික රජය පත්වීමෙන් පසුව ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති මහජන සුබසාධන ක්‍රියාකාරකම් සහ පොදු සේවා ස්ථාන රැසක් දස දින දැවැන්ත වැඩපිළිවෙළ යටතේ ජනතා අයිතියට පත්වෙන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉහත අවස්ථාවල ඒ ඒ මහජන ව්‍යාපෘති බාර අමාත්‍යවරු ද සහභාගීවීමට නියමිතය.