අජන්ත කුමාර අගලකඩ
අමාත්‍යංශවල දැනට හිරවී ඇති සංවර්ධන යෝජනා පිළිබඳව සොයා බලා කඩිනම් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති අනු කමිටුවක් පත් කර ඇතැයි වාර්තා වේ.ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති කැබිනට් රැස්වීමේ දී මෙම කමිටුව පත්කර ඇත.
මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, ආචාර්ය සරත් අමුණුගම, සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් එම කමිටුවට පත්කර ඇතැයි වාර්තා වේ.කැබිනට් රැස්වීමේ දී අදහස් දක්වා ඇති සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සෙනවිරත්න මහතා 2015 සිට සංවර්ධන යෝජනා 48ක් පමණ විවිධ රට වලින් ඉදිරිපත් කර ඇතත්, ඒ එක්ක හෝ මේ වන තුරුත් ක්‍රියාත්මක වී නැතැයි චෝදනා කර ඇත.
ඒ සියල්ල අමාත්‍යංශවල හිරවී තිබෙන බවද ඇමැති සේනාරත්න මහතා සඳහන් කර තිබේ.තවත් ඇමැතිවරයන් ගණනාවකට මෙම චෝදනාව කර ඇතැයි වාර්තා වේ. ඇමැතිවරුන්ගේ එම අදහස දැක්වීම සැළකිල්ලට ගත් ජනාධිපතිවරයා සියලු අමාත්‍යංශවල හිරවී ඇති සංවර්ධන යෝජනා සමාලෝචනය කර කඩිනම් කිරිමට මෙම ඇමැති කමිටුව පත්කර ඇත.