සංවර්ධන නිලධාරී කඩඉමේ වෙනසක් නෑ


රංජන් කස්තුරි 
 
සංවර්ධන නිලධාරී සේවයේ 1 වැනි කාර්යක්ෂමතා කඩඉම් විභාග කලින් තීරණය කර තිබූ පරිදි මේ මස 30 වැනිදින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 
එම විභාගයට අදාල විභාග ප්‍රවේශපත්‍රය අයදුම්කරුවන්ට සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතාකර විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියේ News headline යටතේ බාගත කර ගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීමට නොහැකි අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවේ දුරකතන අංක 1911 , 011 - 2785230 , 011 - 2177075 ඔස්සේ විමසීම් කර ෆැක්ස් මගින් ගෙන්වා ගත හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.