සංජීව බණ්ඩාරට සිතාසි


2012 නඩුවක දී ඇප කොන්දේසි කඩ කළේදැයි සොයා බැලීම සඳහා ලබන ජනවාරි අට වැනි දා කොළඹ කොටුව උසාවියේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාරට අද සිතාසි නිකුත් කළේය.

සාමය කඩ කැරෙන දේට හවුල් නොවන්නැයි ඇප කොන්දේසි මත සිටි ඔහු පසුගිය නොවැම්බර අට වැනි දා සරසවි ශිෂ්‍ය ව්‍යාපාරයකට සහභාගී වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

ඔහු එම විරෝධතාවයට නායකත්වය දී ඕල්කට් මාවත අවහිර කළැයි ද පොලිසිය කියා සිටියේය.