
(ගයාන් සූරිය ආරච්චි)
වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා අද (14) සිට පත්කර ඇත.
ඒ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා දිවයිනෙන් බැහැරව යන අතර ඒ සඳහා සංජීව ධර්මරත්න මහතාට වැඩ බලන පොලිස්පති ධූරය සඳහා අනුමැතිය ලබා දී ඇත.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ලබන (17) වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

