සංජනනියෙන් කැලණිය ඔපවත් වේ


කැලණිය විශ්ව විද්‍යාලයයේ ජන සන්නිවේදන අංශයට 40 වසරක් පිරීම නිමිත්තෙන්  ‘සංජනනී‘ මාධ්‍ය උළෙල මේ දිනවල පැවැත්වෙයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය විමල් දිසානායක   ‘හබර්මාස්ගේ සන්නිවේදන චින්තන මාර්ගය‘ මැයෙන් ප්‍රධාන දේශනය පැවැත්වීය.

සිනමාවට කළ මෙහෙය අගයමින් ප්‍රවීන සිනමා අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතාට විශේෂ සම්මානයක් ද පිරිනැමූ අතර  පාසල් සිසුන් වෙනුවෙන් ජනමාධ්‍ය වැඩමුළු මාලාවක් අද (05)  පැවැත්විණි.

විශ්ව විද්‍යාල සිසුන්ගේ දක්ෂතා එළිදැක්වීමේ අරමුණින් බදාදා (6) සවස 7ට නැටුම්, ගැයුම්, වැයුම්වලින් සමන්විත වැඩසටහනක් පැවැත්වීමට ද නියමිතය.