
(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටියේ තේතාවාඩිය ප්‍රධාන පෙලේ සංචාරක නිකේතනයක් තුළ නිධානයක් ගැනීමට යාතිකා කරමින් සිටි නිකේතනයේ හිමිකරු ඇතුලු පුද්ලයින් නව දෙනෙකු අද(4 ) කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
සංචාරක නිකේතනය කැනීම සදහා යොදා ගත් භාණ්ඩ සහ පූජා භාණ්ඩ රැසක් ද මේ සමග පොලිස්බාරයට ගෙන ඇත.
යකදුරු දුම්මලසූරිය පදිංචි කරුවෙකු වන අතර ඔහුගේ සහායකයින් වශයෙන් තවත් හතර දෙනෙකු ද,සංචාරක නිකේතනයේ හිමිකරු ඇතුලු කල්පිටියේ පදිංචි කරුවන් සිව් දෙනෙකු මෙසේ පොලිස් අත්ඩංගුවට පත්ව ඇත.

