සංචාරක කොකා මරා ලක්ෂයක් දඩ කයි


දෙසැම්බර් - අප්‍රේල් සමයේ රුසියාව, චීනය, උතුරු ඉන්දියාව, දකුණු අප්‍රිකාව ආදි රටවල සිට බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකාවට එන සුදු මානාවකු පුත්තලම වානවැවේදී බෝර තුවක්කුවකින් වෙඩි තබා මරා දැමූ තිදෙනකුට පුත්තලම මහේස්ත‍්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා රුපියල් එක්ලක්ෂ දොළොස්දහස් පන්සියක දඩ නියම කෙළේය. පුත්තලමේ පසාර් පර්වින්, ටී.ඇම්. මින්රාන් හා ඇම්. ජේ. ඇම්. පර්වින් එසේ දඩ ගැසුම් කෑහ.