සංචාරක ඇමැති චීන සංචාරකයන්ට අත වනයි


චීන සංචාරකයන් රැගත් චීන කුළී ගුවන් යානා මත්තල රාජපක්ෂ ගුවන්තොටට ගෙන්වා ගැනීම රජයේ උත්සාහය බව නව සංචාරක ඇමැති ජෝන් අමරතුංග මහතා ශින්හුවා චීන පුවත්සේවය සමඟ පැවසීය.

‘අපේ රටට එන ලෙස චීන ජනතාවට අප හැම අනුබලයක්ම දෙනවා. ඔවුන්ගේ ආරක්ෂාවත් සලසනවා. චීන සමාගම් රැසක් ලංකාවේ තිබෙනවා. චීන හෝටල තිබෙනවා. පසුගිය වසර කිහිපයේ චීන සංචාරකයන්ගේ පැමිණීම වැඩිවී තිබෙනවා.

වැඩිපුරම දැන් ලංකාවට එන්නේ චීන ජාතිකයො. ඔවුන් වැඩිපුර ගෙන්වා ගැනීමයි අපේ අරමුණ. ජනාධිපතිතුමාගේ අරමුණත් එයයි. සංචාරකයන් සඳහා තවත් පහසුකම් සලසනවා. අප වැඩිපුර චීන භාෂාව ප්‍රචලිත කළ යුතුයි. අපේ රටේ වැඩිපුර චීන භාෂාව භාවිතා කළ යුතුයි. චීන කෑම පුංචි කඩවලත් තිබිය යුතුයි. චීන කෑම තිබිය යුත්තේ තරු පහේ හෝටල්වල පමණක් නොවෙයි.‘