සංචාරක ආකර්ශනය දිනන්න මිලියන 200ක්


ලබන වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් ලක්ෂ 25ක් ආකර්ශනය කර ගැනීමට හැකි වනු ඇතැයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

මේ වසරේදී දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂිත සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 18ක් වනු ඇති බවත් එමගින් ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක (රුපියල් බිලියන 336) විදේශ විනිමයක් අපේක්ෂා කරන බවත් එම කාර්යාංශය පවසයි. 

2015 වසරේ පළමු මාස 5 තුළ සංචාරකයන් 7, 14,584ක් ශ්‍රී ලංකාවට පැමිණි අතර එය පෙර වසරේ සංචාරක ආගමනයට වඩා 16.5% වර්ධනයකි.

මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ශනය කර ගැනීමේ අරමුණින් ඉදිරි මාස 4 ඇතුළත සී.එන්.එන්, බී.බී.සී, සී.එන්.බී.සී. ඇතුළු විදේශීය මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමටද අපේක්ෂිත බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

මේ ප්‍රවර්ධන කටයුතු  සඳහා රුපියල් මිලියන 200ක් වැය කෙරෙනු ඇතැයිද සඳහන්ය.