සංචරණයට හසු වූ විහාරස්ථානවලට පහසුකම්


(ඩයනා උදයංගනී)

සංචරණ සීමා හේතුවෙන් පහසුකම් ලබාගැනීමට දුෂ්කර වී ඇති විහාරස්ථාන සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ වැඩපිළිවෙලක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇත.

එවන් විහාරස්ථාන මේ නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් හරහා ඒ බව දැනුම් දෙන්නැයි අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව 071 4626146 දුරකතන අංකයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා, 071 8108718 දුරකතන අංකයෙන් අතිරේක ලේකම් (පාලන), 071 8536699 දුරකතන අංකයෙන් අතිරේක ලේකම් (සංවර්ධන) සහ 071 4891781 දුරකතන අංකයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් අමතා ඒ බව දැනුම් දිය හැක.