(ඩයනා උදයංගනී)
කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා හෙට (25) දිනයේදී ලිහිල් කෙරුණත් කිසිඳු දුම්රියක් ධාවනය නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අත්‍යාවශ්‍ය සේවා වෙනුවෙන් දුම්රිය කිහිපයක් හෙට දිනයේ ධාවනය කරවීමට මීට පෙර කටයුතු යොදා තිබුණත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කළ දැනුම්දීමක් අනුව එම දුම්රිය ද අවලංගු කිරීමට කටයුතු කළ බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

