සංචරණ සීමා පනවා තිබියදී රිය අනතුරු


සංචරණ සීමා පනවා තිබියදී පවා, ගතවුණු පැය 24 ක කාලයේ මාරාන්තික අනතුරු හයක් පුද්ගලයන් 6 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

සංචරණ සීමා පැනවීමෙන් පසු දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම අනතුරු සංඛ්‍යාව මෙය බව ද ඒ මහතා පෙන්වා දෙයි.  

සංචරණ සීමා පැනවූවත් මාර්ග අනතුරු වැඩිවීම කනස්සල්ලට කරුණක් බවත්, ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා අවධාරණය කර තිබේ.

(ඩේලිමිරර්)