අලුත් අවුරුදු සමයේ සංචරණ සීමා පැනවීමට කිසිදු බලාපොරොත්තුක් නැතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නමුත් අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට පියවගෙන තිබෙන බවත් එය අලුත් දෙයක් නොවන බවත් ද යුද හමුදාපතිවරයා කියයි.
ජනතාව කොළඹින් පිටත යාමේ දී යම් අවදානමක් තිබුණොත් එසේ ඇන්ටින් පරීක්ෂණ සිදුකරන බවත් එම පරීක්ෂණත් රටේ විවිධ ප්‍රදේශවල සිදු කරන බවත් ද යුද හමුදාපතිවරයා කීය.

