(ජේ.ඒ.එල්. ජයසිංහ)
සංචරණ සීමා නිසා පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයට රුපියල් ලක්ෂ 500ක් අහිමි වී ඇතැයි ජාතික උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ශිලෝමි ක්‍රිෂ්ණරාජා මහිත්මිය කියන්නීය.
වෙනත් කාලයන්හිදී පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානය නැරඹීමට මාසයකට විදේශීය සංචාරකයන් 65000ක් දේශීය සංචාරකයන් 130,000 පැමිණෙන බව එසේ පැමිණෙන නරඹන්නන්ගෙන් ලැබෙන ආදායම අහිමිවී ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයි පවසන්නිය.
ජාතික උද්‍යාන වසා දැමීම නිසා දෛනික ආදායම අහිමි වුවද අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු දුෂ්කරතා මධ්‍යයේ කරගෙන යාමට පාලනාධිකාරිය පියවරගෙන ඇත.

