(ඩයනා උදයංගනී)
සංචරණ සීමා ලබන 21 වැනිදා ඉවත් කරන්නේ ද යන්න තීරණය කරන්නේ ලබන 19 වැනිදා හෝ 20 වැනිදා බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ඒ වන විට පවතින තත්වය විශ්ලේෂනය කර සරචරණ සීමා ඉවත් කරන්නේද නැද්ද යන තීරණය ගන්නා බව ඇමතිවරයා සඳහන් කළේය.
රජයේ බලාපොරොත්තුව එම දිනයේදී සංචරණ සීමා ඉවත්කර රට විවෘත කිරීම බව කී ඇමතිවරයා කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් ඉදිරි දිනවල සාධනීය තත්වයක් ඇතිවුවහොත් සාධනීය තීන්දුවක් ගන්නා බව ද කීවේය.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
කොරෝනා යනු නිතර වෙනස් වන තත්වයක් බැවින් සංචරණ සීමා ඉවත් කරන දිනය කල් තබා ප්‍රකාශ කළ නොහැකි බව ද ඇමතිවරයා පැවසීය.

