(ඉන්දිකා රාමනායක)
දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා හෙට (17) අලුයම.4.00 ට ඉවත් කළද ලබන 31 වැදි දින දක්වා එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්නා ජනතාව හැඳුනුම්පත් අංක පිළිවෙළ අනුව කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
හැඳුනුම්පත් අංක පිළිවෙල අනුව මාර්ගයට පිවිසීමට අවස්ථාව හිමි වුවද එය උපයෝග කරගෙන නිකරුනේ ප්‍රදේශ පුරා සැරි සැරීමෙන් වළකින ලෙසට සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.
හැදුනුම්පත් අංක අනුව අනුගත නොවී කටයුතු නොකර ප්‍රදේශ වල සැරිසරන පුද්ගලයන්ට නිරෝධාන නිතිය යටතේ උපරිම ක්‍රියා කරන බවද හෙතෙම කියා සිටියේය.
හැඳුනුම්පත් අංක අනුව නිවසින් බැහැර යාමට අවසර තිබුණද එසේ එක් පුද්ගලයකු පමණක් ලඟම ඇති වෙළඳසැලෙන් හෝ සුපිරි වෙළඳසැලේ අවශ්‍ය භාණ්ඩ මිලදී ගත යුතු බව ද හෙතෙම කියා සිටියේය .
සෑම පුද්ගලයෙක්ම හැඳුනුම්පත,හෝ රියදුරු බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය ළඟ තබා ගත යුතු බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

