
(පද්මා කුමාරී කංකානම්ගේ)
පවතින සංචරණ සීමා අස්සේ,කල්පිටිය කළපුවේ කූඩු දැල් නම් තහනම් දැල් භාවිතය ඉහළ ගොස් ඇතැයි ද මේ නිසා කළපු මත්ස්‍ය සංහාරයක් සිදු වන බව කල්පිටියේ කළපු ධීවර ප්‍රජාව චෝදනා කර සිටිති.
කුරුඥම්පිටිය,ශෝත්තුපිටිය වාඩිය සේරක්කුලිය ආදී ප්‍රදේශ රැසක කළපුවේ මෙම දැල් එලීම සිදුවන බවට ධීවරයෝ චෝදනා කර සිටිති.
"ඉස්සන් කකුලුවන්ට තමයි මේ දැල් එලන්නේ. මෙම දැලේ දැල් ඇස කුඩායි.එම නිසා මාලු පැටවු මහ ගොඩක් මේ දැලට අහුවෙනවා.මේ ධීවරයන් කරන්නේ අර මාලු පැටවු දැලෙන් බේරලා වීසි කරනවා."
"එහෙම වීසි කරපු මාලු පැටවු කදු ගනන්.මේ සංහාරය කරන්නේ අනාගත මාලුවෝ.මේ පැටවු තමයි අනාගතයේ විශාල මාලුවෝ වෙන්නේ.මෙහෙම ගියොත් හෙට අනිද්දා වෙන කොට කළපු ධීවරයින්ට මාලු නැතිව යනවා."අප සමග කළපු ධීවරයෙකු වූ ජෝශප් වර්ණකුල පැවසුවේ ය.


