ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වාර්ෂිකව සිදුකෙරෙන සංඝමිත්තා අරහත් මෙහෙණි අනුස්මරණ පිංකම අලුතෙන් ඉදිකරනලද විහාරස්ථ බුදු මැදුරේදී පැවැත්විණි.
මෙම පිංකම සඳහා ප්‍රංශයේ ශ්‍රී ලාංකික මෙන්ම අන්ජාතික බෞද්ධ සැදැහැවතුන් සහභාගිවු බව විහාරාධිපති පරවාහැර චන්දරතන හිමියෝ පැවසුහ.
සංඝමිත්තා මෙහෙණිය පිළිබඳව විශේෂ දේශනයක් ප්‍රංශ භාෂාවෙන් පවත්වනු ලැබුවේ පැරිස් නුවර බෞද්ධ කෞතුකාගාරයේ සේවයේ නියුතු පුරාවිද්‍යාඥයෙකු වූ වෙරෝනික් මහත්මිය විසිනි.
බුදුදහමේ කාන්තාවට හිමි තැන පිලිබඳ කරුණු දක්වමින් අනුශාසනාව පැවැත්වූ විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියෝ බුදුන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සහ ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව යන ලෝකවාසී සියලුම බෞද්ධයන්ගේ ගෞරවාදරයට පත්ව ඇති අගනා වස්තු ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද්දේ කාන්තාවන් දෙදෙනෙකු විසින් බවද මේ නිසාම ශ්‍රී ලංකාවේ බෞද්ධයන් අතර කාන්තාවට සුවිසේශී ගෞරවාදරයක් හිමිව තිබෙන බවද අවධාරණය කළහ.
හපුගොඩ සුබෝධ හිමියෝ විසින් සිංහල බසින් ධර්ම දේශනයක් පැවැත්වුහ.