සංගීතෙට ගිහින් දෙන්නෙක් මැහුම් ගහගනිති
ක්‍රිකට් සමාජයකට ආධාර පිණිස ඉතාලියේ පාදෝවා නගරයේ පැවැති සංගීත සංදර්ශනයක් අවසානයේ ඇතිවූ ගුටි බැට හුවමාරුවකින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් රෝහලට ඇතුළු කරනු ලැබූහ. එක් අයකුට මැහුම් 35ක් ද, අනෙකාට මැහුම් 14ක් ද දමා ඇත. කැරිබ්නේරි පොලීසිය පරීක්ෂණ පවත්වයි. සංගීත සංදර්ශන භූමියට පිටින් සිටි පිරිසක් අතර මේ ගැටුම හටගෙන ඇත්තේ සංගීත සංදර්ශනය අවසන් වී පැය තුනකට පසුව බව වාර්තාවෙයි.

