සංගීත සංදර්ශනය වටලා මත්පෙති, මත්පැන් සමග 3 ක් අත්අඩංගුවට


(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)


කැකිරාව නගරයේ රෝහල ආසන්නයේ ගොඩනැගිල්ලක පැවැති සංගිත සංදර්ශණයක් වටලා එම ස්ථානයේ අළෙවි කිරිමට තිබු මත් පෙති 30ක් බියර් බෝතල් 68ක් සහ විදේශිය මත්පැන් බෝතල් නවයක් සුඛෝපභෝගි මෝටර් රථයක් සමග තරුණයන් තිදෙනෙකු අත් අඩංගුවට ගත්බව උතුරු මැද සුරාබදු කොමසාරිස් ඩබ්.එන්.බි.රෝයි ප්‍රනාන්දු මහතා පවසයි.


උතුරු මැද සුරාබදු කොමසාරිස් කාර්යාලයට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කොට තිබුණි.
මෙම සංගිත සාදයේදි රුපියල් පන්සියක් ගෙවා බියර් බෝතලයක් මිලදි ගන්නා අයෙකුට රුපියල් තුන්දහස් අටසියකට මත් පෙත්තක්ද අළෙවි කරතිබේ.


සුරාබදු නිලධාරින්ද සංගිත සංදර්ශණයට පැමිණි අය බව හගවමින් මෙලෙස එම ස්ථානයෙන් බියර් බෝතල් සහ මත් පෙති දෙකක් මිළදි ගෙන සැකකරුවන් තිදෙනාද මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණි.


මෙම සංගිත සාදය පැවැත්විම සඳහා මෙම ගොඩනැගිල්ල රැපියල් පනස් දහසකට එදින කුලියට ගෙන තිබූබව සුරාබදු නිලධාරිහු පවසති.


සුරාබදු නිලධාරින් විසින් මෙම ස්ථානය වටලන අවස්ථාවේදි විවිධ ඇදුම් ආයිත්තම් වලින් සැරසුන තරැණ තරැණියන් විශාල පිරිසක් අවට රැස්වි සිටි බවද සුරාබදු නිලධාරිහු පැවසුහ.
අත් අඩංගුවට ගනු ලැබු තරුණයන් තිදෙනා කැකිරාව ප්‍රෙද්ශයේ පදිංචි කරැවන් වෙති.
සැකකරැවන් අද (28)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.