සංගීත රසය උත්සන්න වෙයි
හක්මන ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ පැවැති සංගීත සංදර්ශනයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව රාත්‍රී 10ට නවත්වන ලෙස පොලිසිය දැනුම්දීමත් සමග උරණ වු තරුණයින් පිරිසකගේ පහරදීමෙන් හක්මන පොලිසියේ පස් දෙනෙක් තුවාල ලදහ. තරුණයින් මුලින් සංගීත කණ්ඩායමට පහර දී ඇත. එය නැවැත්වීමට ගිය පොලිසියට ද ඔවුහු පහර දුන්හ. කුපිත වූ පිරිස් හක්මන නගරයේ පෞද්ගලික බැංකුවකට, ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ලකට, පොලිස් කැබ්රථයකට, ඉන්ධන පිරවුම්හකට, ලංගම බසයකට, සංගීත භාණ්ඩ වලට හා වෙළෙඳහල් අටකට ද ගල් හා පොලු වලින් පහර දී ඇතැයි ද රුපියල් ලක්ෂ 50ක අලාභයක් වී ඇතැයි ද පොලිසිය කියයි.

