බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් පදවිය බාර ගන්නැයි මෛත්‍රිපාල සිරිසේන ජනපති යෝජනා කිරීම ගැන තමා විස්මයට පත්වූ බවත් ඒ සම්බන්ධයෙන් ජනපති සමග සාකච්ඡා කිරීමෙන් පසුව තීරණයක් ගන්නා බවත් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර තරගය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
අද සංගක්කාරගේ සමුගැනීමේ උත්සවයට සහභාගීවූ ජනපති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධූරය බාර ගන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටියේය.
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණවලට පැමිණ ප්‍රේක්ෂකයන් සමග තරග නරඹමින් නවක ක්‍රීඩකයන් දිරි ගැන්වීමට බලාපොරොත්තුවන අතර මත්ද්‍රව්‍ය නිවාරණ සන්නාම තානාපති තනතුරේ දිගටම කටයුතු කරන බවත් මත් රකුසාගෙන් තරුණ පරම්පරාව බේරාගැනීමට තමන්ට හැකි සියල්ල කරන බවත් ඔහු සඳහන් කළේය.

