
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම සහ සරේ ප්‍රාන්ත කණ්ඩායම අතර චෙල්ම්ස්ෆෝඞ්හිදී පැවැත්වෙන සිවුදින තරගයේ දෙවැනි දිනය වන අද (27 වැනිදා) සරේ ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ද්විත්ව ශතකයක් ලබාගැනීමට කුමාර් සංගක්කාර (200) සමත් විය.
මෙය සංගක්කාරගේ 13 වැනි පළමු පෙළ ද්විත්ව ශතකය වන අතර ඉන් 11 ක්ම ටෙස්ට් ද්විත්ව ශතක වේ.
සංගක්කාර මෙම තරගයේදී ලබාගත් ද්විත්ව ශතකය නිසා කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සරේ ප්‍රාන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකණු 369 ක් ලබාගත්තේය.
තරගයේ විස්තර වාර්තාව සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න

