සංගක්කාර 500 කඩඉම පසු කරයි
කුමාර් සංගක්කාර, ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 36 ක් ලබා ගැනීමත් සමග විදෙස් රටකදී පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලික ලකුණු 500 පසුකළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්විය. සංගක්කාර පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලියේ අබුඩාබි’හි පැවැති තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගත් අතර සාජා’හි දැන් පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශතකයක් ලබා ගැනීමට සමත්විය.
මීට පෙර හිටපු ටෙස්ට් ක‍්‍රීඩක අරවින්ද ද සිල්වා 1991 වසරේදී නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදී ලකුණු 493 ක් ලබා ගනිමින් ශී‍්‍ර ලංකාවෙන් පිටතදී පැවැති තරගාවලියක වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්ව සිටියේය. සනත් ජයසුරිය 1997 වසරේ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ලකුණු 571 ක් ලබා තරගාවලියකදී
වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වී සිටියි. මහේල ජයවර්ධන 2006 වසරේ දකුණු අප‍්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරග දෙකකදී ලකුණු 510 ක් ලබා තිබේ.

