සංඛ්‍යාලේඛන ඕඅයිසීගේ වැඩ තහනම්


ඉන්දිකා රාමනායක
 
නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ, පොලිස් දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරිවරයාගේ අත්සන් සහ නිළ මුද්‍රා ව්‍යාජ ලෙස යොදාගෙන මුල්‍ය ආයතන වලට ව්‍යාජ වාර්තා ඉදිරිපත් කර රුපියල් ලක්ෂ ගණනින් මුදල් චංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මුලස්ථාන සංඛ්‍යාලේඛන කොට්ඨාසයේ  ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක  එන් ඩී බී අත්තනායක ගේ වැඩතහනම් කර ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව කියයි.
 
ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ මත පොලිස්පතිවරයා   විසින්  මෙම වැඩතහනම සිදුකර ඇති බව ජාතික පොලිස් කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.
 
මොහු සිදුර ඇති මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අදාල මුදල්‍ය සමාගම මොහුට විරුද්ධව ජාතික පොලිස් කොමිසමට හා පොලිස්පති සහන මැදිරියට පැමිණිලි කර ඇති අතර එම පැමිණිල්ල මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මොහුට විරුද්ධව මුලික  විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
 
 පොලිස් කොමිසම ද මේ සම්බන්ධයෙන්  විමර්ශන සිදුකර   සැකකාර පොලිස්  ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කරන ලෙසට පොලිස්පතිවරයා වෙත නිර්දේශ කර තිබු අතර  මාසකට ආසන්න කාලයක් වුවද පොලිස්පතිවරයා එම නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රමාධ කිරීම හේතුවෙන් ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන්   කරුණු විමසීමක් ද  සිදුකර  තිබුණි.