ෂේන් වෝන්ට තරග තහනමක්


ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය වන ‘බිග් බෑෂ්’ තරගාවලියේ මෙල්බන් ස්ටාර්ස් පිලේ නායකයා ලෙස කටයුතු කරන  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු සුපිරි පා දඟ පන්දුයවන ක‍්‍රීඩක ෂේන් වෝන්ට විනය විරෝධි හැසිරීමක් හේතුවෙන් එම තරගාවලියේ තරගයක් තහනම් කර ඩොලර් 4500 ක දඩයක් ද පනවා තිබේ.
මෙල්බන් ස්ටාර්ස් පිල සහ මෙල්බන් රිනගේඞ්ස් පිල අතර මෙල්බන්හිදී පැවැති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු මාලන් සැමුවෙල්ස් සහ ෂේන් වෝන් අතර ඇතිවූ ගැටුමක් මෙම තහනමට හේතු වී තිබේ.
සිද්ධිය පිළිබඳව  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ආයතනය විසින් කරන ලද පරීක්‍ෂණයෙන් පසුව ෂේන් වෝන් චෝදනා තුනකට වැරදිකරු කළ අතර සැමුවෙල්ස් චෝදනා දෙකකට වැරදිකරු විය.
දඬුවම පැනවීමෙන් පසුව ෂේන් වෝන් පවසා ඇත්තේ නායකයා මෙන්ම ක‍්‍රීඩකයකු ලෙසද තමන්ගේ හැසිරීම පිළිබඳව කණගාටුවන බවයි.