(ඉන්දිකා රාමනායක)
ෂැංගි‍්‍රලා හා සිනමන්ග‍්‍රෑන්ඩ් යන හෝටල් වලට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කළ බෝම්කරුවන්ගේ වැඩිමහල් සොහොයුරා තියුණු කඩු දෙකක් හා වායු රයිෆලක් සමග අද (28) දෙමටගොඩ මහවිල උද්‍යානයේ සිව්මහල් නිවසක දී විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේෙ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
මෙම බෝම්බ පිපිරීමෙන් පසු මෙම සැකකරු අතුරුදන්ව ඇති අතර මොහු මොහුට අයත් මහවිල උද්‍යානයේ පිහිටි සිව් මහල් නිවසක ඉහළ මාලයේ රැදී සිටින බවට ලැබුණ තොරතුරක් මත භට කණ්ඩායම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව උසස් නිලධාරියෙක් පැවසීය.
සැකකරුගේ නිවසේ අල්මාරියකු තිබී ජර්මනියේ නිශ්පාදිත නවීන වායු රයිෆලය සොයාගෙන ඇති අතර නිවසේ ඉහළ මාලයේ කාමරයක මේට්ටයක් යට සඟවා තිබු තියුණු කඩු දෙක සොයාගෙන තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඞ් ඊබ‍්‍රාහිම් මොහොමඞ් ඉස්රාන් (37) නැමැත්තාය.
මෙම සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා දෙමටගොඩ පොලිසියට බාර දී ඇත.
මෙම බෝම්බ සිද්ධියෙන් ඔහුගේ පියා වන කෝටිපති ව්‍යාපාරික ඊබ්බ‍්‍රාහිම් නැමැත්තා සහ තවත් සොහොයුරෙක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

