ෂැංග්‍රිලා හෝටල් ව්‍යාපෘතියට තවත් පරිපුරක ඇස්තමේන්තුවක්


සුජිත් හේවාජුලිගේ සහා ආරියරත්න රණබාහු 
 
ආන්දෝලාත්මක ෂැංග්‍රිලා හෝටල් ව්‍යාපෘතියට තවත් රුපියල් කෝටි 35 ක පමණ මුදලක් අනුමත කර ගැනීම සඳහා පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (19) ඉදිරිපත් කෙරිණි.


ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පරිපුරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේය.


පරිපුරක ඇස්තමේන්තුවේ සාධනය වන අන්දමට මෙම අතිරේක ප්‍රතිපාදන යොදවන බව ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සැලසීමේ හිඟ ගිවිසුම නිරවුල් කිරිම සඳහයි. පළාත් සභා හා පාලන අමාත්‍යංශය යටතේ මෙම ප්‍රතිපාදනය වෙන් කර ඇත.