(නිමන්ති රණසිංහ)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය මෙහොමඩ් ෂාෆි මහතාගේ සිද්ධියට අදාළව කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 8ක පමණ කාලයක් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු අද (21) පැවසීය.
වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතා සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවකට අදාළව මෙන්ම, එම වෛද්‍යවරයාගේ වත්කම් පිළිබද නියෝජ්‍ය පොලිස්පතිවරයා සිදුකළ පරික්ෂණ සම්බන්ධයෙන් මෙම ප‍්‍රකාශ සටහන් කර ගැනීම සිදුකර ඇතැයි ද එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මංකොල්ලකෑම් විමර්ශන අංශය කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පැය අටකට අධික වේලාවක් මෙම ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, තවදුරටත් ප‍්‍රකාශ සටහන් කර ගත යුතු වුවහොත් නැවත කැදවනු ලබන බව ද ඔහු වෙත දැනුම් දී තිබේ.

