(නිමන්ති රණසිංහ)
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාට අයත් දේශීය රක්ෂණාවරණ දෙකක් සතියක කාලයක් සදහා අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය පුද්ගලික රක්ෂණ සමාගම් දෙකකට අද නියෝග කළාය.
මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ, “ෆෙයාර් ෆස්ට්” සහ “ජන ශක්ති” යන පුද්ගලික රක්ෂණ සමාගම් දෙකෙහි ප්‍රධානීන්ටය.
මරණකරු මෙම රක්ෂණාවරණ ලැබෙන ප්‍රතිලාභීන් වශයෙන් තුන්වන පාර්ශ්වයක් නම් කර ඇත්දැයි යන්න පිළිබදව විමසිලිමත් විය යුතුව ඇති බැවින් මෙරට පුද්ගලික සමාගම් දෙකක ඒ මහතාට අයත් රක්ෂණාවරණ තාවකාලිකව අත්හිටුවන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් ඉල්ලීමක් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණී.
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති පීඩනයක් හේතුවෙන් සිදුවූ අපරාධයක් බව අධිකරණය මරණ පරීක්ෂණ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සදහන් කළේ ඉකුත් 01 වැනිදාය.
ඒ අනුව, මෙය අපරාධයක් බවට තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේදී ඔහුගේම මෝටර් රථය තුළ දැත් බැද ගෙල සිරකර සිටියදී සොයා ගත්තේ ඉකුත් 2022 වසරේ දෙසැම්බර් මස 15 වැනිදා ය. පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එදින රාත්‍රියේ මිය ගියේය.

