(හේමන්ත ද සිල්වා)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වු ෂාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී අද( 01 ) සමගි ජන බලවේගයට එක්වීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කල ෂාන් විජයලාල් ද සිල්වා මහතා දකුණු පළාත් ප්‍රධාන ඇමතිවරයා ලෙස තෙවරක් වසර පහලොවක කාලයක් අඛන්ඩව දකුණු පළාත් මහ ඇමතිවරයා ලෙස කටයුතු කර ඇත.
අනතුරුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරය දැරෑ ඒ මහතා අද 01 දින සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගයට එක්වීමට නියමිතය.
ඒ මහතාට සමගි ජන බලවේගය අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ධුරය ලබා දීමට නියමිත බවද පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

