ශ‍්‍රී ලංකාව පරදවා ඉන්දීය පිල සිවුකොන් කි‍්‍රකට් ශූරතාව දිනයි


ඉන්දියාව, ශ්‍රී ලංකාව,  ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් විසාකාපට්නම්හිදී පැවැති වයස 19 න් පහළ සිවුකොන් ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය පිල සමත්විය. ඊයේ (9) පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා පිල පරදවා ඉන්දීය කී‍්‍රඩකයෝ ලකුණු 5 ක තියුණු ජයක් ලැබුහ. ශ්‍රී ලංකා පිලේ ඇරැුයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල සියලූ දෙනා දැවී ලකුණු 168 ක් ලබා ගත්තේය. ජයග‍්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් පිලට  ඕවර 46.5 කදී ලබා ගත හැකි වුයේ ලකුණු 163 කි. පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ම දස්කම් දැක්වූ ළහිරු මධුෂංක ලකුණු 17 කට කඩුලූ 4 ක් ලබා ගත් අතර පන්දු 99 කදී හතරේ පහර පහක් සමග ලකුණු 63 ක්ද ලබා ගත්තේය. ඔහු ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ද විය. ඉන්දීය වයස 19 න් පහළ පිල  ඕවර 50 කදී සියලූ දෙනා දැවී 168 (හනුමන් විහාරි 15, අක්‍ෂිදීප් නාත් 55, ස්මිත් පටෙල් 23, හාර්මිට් සිං 23, ළහිරු මධුෂංක 17/4, අමිල අපොන්සු 40/2) ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල  ඕවර 46.5 කදී සියලූ දෙනා දැවී 163 (දිලූක තිස්සකුට්ටිගේ 29, ළහිරු මධුෂංක 63, පුලින තරංග 15, අමිල අපොන්සු 21, සන්දීප් ෂර්මා 23/4, රූෂ් කලාරියා 34/3)