ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට කඩුලූ 6 ක ජයක්
ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේදී අද (31) පැවැති තෙවැනි තරගයෙන් ශ‍්‍රී ලංකා ‘ඒ‘ ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක ජයක් ලබා ගැනීමට සමත් වූහ.
එංගලන්ත ‘ඒ’ පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 258 (ඇලෙක්ස් හේල්ස් 27, ජෝස් බට්ලර් 119, ක්‍රෙග් කීස්වෙටර් 24, ජොනී බෙයාස්ටෝ 31, සීකුගේ ප‍්‍රසන්න 32/3, ධනුෂ්ක ගුණතිලක 46/2)
ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල ඕවර 47.3 කදී කඩුලූ 4 ට 263 (භානුක රාජපක්‍ෂ 72, දිමුත් කරුණාරත්න 94, තිළිණ කණ්ඩම්බි නොදැවී 55, කුසල් ජනිත් නොදැවී 18)

