ශ‍්‍රී ලංකා පිල අන්ත පරාජයක් අබියස


සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර පාල් නුවරදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) ලකුණු 302 ක ඉලක්කයක් හඹා යන ශ‍්‍රී ලංකා පිල  ඕවර 15 ක් අවසානයේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 33 ක් ලබා දැවැන්ත පරාජයක අබියස සිටියි. අන්තර්ජාතික එක්දින තරගයක කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වනුයේ ලකුණු 35 කි. ඒ 2004 වසරේදී ශ්‍රී ලංකා පිල හමුවේ සිම්බාබ්වේ පිල ලකුණු 35 කට දැවී යාමයි. ශ්‍රී ලංකා පිලේ පළමු පිතිකරුවන් පස් දෙනාම ලකුණු 6 ක් තුළ දැවී ගියහ.