ශූරයා සචින් - ශූරිය කාවින්දිකා


”ජිනදාස ද සිල්වා” අනුස්මරණ සමස්ත ලංකා පාසල් බැඞ්මින්ටන් තරගාවලියේ වයස 19න් පහළ බාලිකා ශූරතාව මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ සචින් ඩයස් විසින්ද, වයස 19න් පහළ බාලිකා ශූරතාව ගාල්ල සවුන්ලන්ඞ්ස් බාලිකා විද්‍යාලයේ ඩබිලිව්.ටී. කාවින්දිතා විසින්ද දිනාගන්නා ලදී. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් ක‍්‍රීඩා මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය හා එහි ආදි බැඩිමින්ටන් ක‍්‍රීඩකයන්ගේ සංගමය එක්ව තරගාවලිය සංවිධානය කළේය. මෙම තරගාවලිය අම්බලන්ගොඩදී පැවැත්විණි. තරග ප‍්‍රතිපල ⋆ වයස 10 න් පහළ බාලක ශූරතාව - ලූවින් ලිනාල් (රාජකීය විද්‍යාලය - කොළඹ) අනුශූරතාව - එම්. තෙනුක (ධර්මාශෝක විද්‍යාලය - අම්බන්ගොඩ) ⋆ වයස 10 න් පහළ බාලිකා ශූරතාව - විදාරා සුහස්නි (ධර්මාශෝක විද්‍යාලය - අම්බලන්ගොඩ) අනුශූරතාව - තරිනි කලාරා (ලින්ඞ්සේ බාලිකා විද්‍යාලය - කොළඹ) ⋆ වයස 11 න් පහළ බාලක ශූරතාව - ලංකා පෘථුවි ගිම්හාන (පී. ද එස්. කුලරත්න විද්‍යාලය අම්බලන්ගොඩ) අනුශූරතාව - ජී.එම්. දිනුර (ධර්මාශෝක විද්‍යාලය - අම්බලන්ගොඩ) ⋆ වයස 11 න් පහළ බාලිකා ශූරතාව - ඉෂාරා වන්නිගේ (උසස් බාලිකා විද්‍යාලය - ගල්කිස්ස) අනුශූරතාව - ඩබ්ලිව්. ජනනුවණී (උසස් බාලිකා විද්‍යාලය - ගල්කිස්ස) ⋆ වයස 13 න් පහළ බාලක ශූරතාව - තරින් පුංචිහේවා (රාහුල විද්‍යාලය - මාතර) අනුශූරතාව - කුවේන් ජන්සික (ශාන්ත සෙබස්තියන් විද්‍යාලය - මොරටුව) ⋆ වයස 13 න් පහළ බාලිකා ශූරතාව - තනුෂි අනුත්තරා (සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය - කොළඹ) අනුශූරතාව - ආර්.එම්. නවෝදිමා (සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය - කොළඹ) ⋆ වයස 19 න් පහළ බාලක ශූරතාව - සචින් ඩයස් (ශාන්ත සෙබස්තියන් විද්‍යාලය - මොරටුව) අනුශූරතාව - තුෂාර නිශ්ශංක (ශ්‍රී දේවානන්ද විද්‍යාලය - අම්බලන්ගොඩ) ⋆ වයස 19 න් පහළ බාලිකා ශූරතාව - ඩබ්ලිව්. ටී. කාවින්දිකා (සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාලය - ගාල්ල) අනුශූරතාව - මධුෂිකා දිල්රුක්ෂි (ධර්මාශෝක විද්‍යාලය - අම්බලන්ගොඩ) ⋆ වයස 13 න් පහළ යුගල බාලක ශූරතාව තරින් පුංචිහේවා/තවිදු උමංග (රාහුල විද්‍යාලය - මාතර) අනුශූරතාව - උදාර සඳරුවන්/කවිඳු රාජිත (රාහුල විද්‍යාලය - මාතර) ⋆ වයස 19 න් පහළ බාලක යුගල ශූරතාව - නදින් අනුෂ්ක/සචින් ජයවර්ධන (ධර්මාශෝක විද්‍යාලය - අම්බලන්තොට) අනුශූරතාව - සචින් ඩයස් (ශාන්ත සෙබස්තියන් - විද්‍යාලය මොරටුව),  ජයේෂ් පිනිදිය පතිරගේ (ශාන්ත ජෝසප් විද්‍යාලය - මරදාන) ⋆ වයස 19 න් පහළ බාලිකා යුගල ශූරතාව - එම්. මධුෂිකා - භාග්‍යා දිමන්ති (ධර්මාශෝක විද්‍යාලය - අම්බලන්ගොඩ අනුශූරතාව - ඩබ්ලිව්.ටී. කාවින්දිකා (සවුත්ලන්ඞ් විද්‍යාලය - ගාල්ල), යශ්මිකා දයාරත්න  (විශාඛා විද්‍යාලය - කොළඹ) ⋆ වයස 19 න් පහළ මිශ‍්‍ර යුගල ශූරතාව - ඩබ්ලිව්.ටී. කාවින්දිකා (සවුත්ලන්ඞ් විද්‍යාලය - ගාල්ල), තුෂාර නිශ්ශංක (දේවානන්ද විද්‍යාලය - අම්බලන්ගොඩ) අනුශූරතාව - සචින් ඩයස් (ශාන්ත සෙබස්තියන් - මොරටුව), ජේ.එල්. තිසුරි කමල්කා (විශාඛා විද්‍යාලය - කොළඹ)