ශී‍්‍ර ලංකාවට ලකුණු 78 ක ජයක්


සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු ‘නැගී එන කෝබ‍්‍රා’ පිල අතර බ‍්‍රැකන්ෆෙල්හිදී අද (09) පැවැති එක්දින පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 78 ක පහසු ජයක් ලැබීය. ශ්‍රී ලංකාව  ඕවර 50 යේදී කඩුලූ 9 ට 296 (උපුල් තරංග 55, මහේල ජයවර්ධන 74, දිනේෂ් චන්දිමාල් 36, ළහිරු තිරිමාන්න 40, ලසිත් මාලිංග 27, අජන්ත මෙන්ඩිස් නොදැවී 23) දකුණු අප‍්‍රිකානු ‘නැගී එන කෝබ‍්‍රා’ පිල  ඕවර 47.4 කදී 218 (ඇලිස්ටෙයාර් ගේ‍්‍ර 93, ලසිත් මාලිංග 35/2, අජන්ත මෙන්ඩිස් 49/3, රංගන හේරත් 33/3)