ශී‍්‍ර ලංකා රග්බි පිලේ නායකත්වයට යෝෂිත රාජපක්‍ෂ


ආසියානු දෙවැනි කොටසේ සිවුකොන් රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා රග්බි පිලේ නායකයා ලෙස නාවික හමුදා පිල නියෝජනය කරන යෝෂිත රාජපක්‍ෂ නම් කර තිබේ. උප නායකත්වය මහනුවර ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ෆාෂිල් මරීජාට හිමිව තිබේ.
මෙම තරගාවලිය ශ්‍රී ලංකාව, තායිලන්තය, චීන තායිපේ සහ කසකස්තානය යන රටවල සහභාගිත්වයෙන් ලබන අපේ‍්‍රල් මස 6 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
තරගාවලියට සහභාගි වන 24 දෙනකුගෙන් යුත් අවසන් සංචිතය තෝරා ගැනීම සඳහා මේ වන විට 58 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ.
මෙම තරගාවලියේ සත්කාරත්වය සඳහා ශ්‍රී ලංකාව මේ වන විටත් ලංසු ඉදිරිපත් කර තිබේ.