ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩකයෝ චීන තායිපේ පිල පරදවති
ආසියානු කණ්ඩායම් පහ අතර රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ පළමු කොටසේ තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගයේදී චීන තායිපේ පිලට එරෙහිව ලකුණු 36-08 ක පහසු ජයක් ලැබීය. මෙම තරගාවලිය පිලිපීනයේදී පැවැත්වෙයි.
යෝෂිත රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 29-03 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.
සෙන්ටර් ක‍්‍රීඩක ධනුෂ්ක චතුරංග ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පළමු උත්සාහක දිනුම සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව ක‍්‍රියාත්මක කළේය. චරිත් සෙනෙවිරත්න, සුමේධ මාලේවෙන සහ අචල පෙරේරා පළමු අර්ධයේදී ශ්‍රී ලංකා පිලට තවත් උත්සාහක දිනුම් තුනක් එකතු කිරීමට සමත් වූහ. එහි ගෝල ප‍්‍රවර්ථන රන්දීර් මීපගේ සම්පූර්ණ කළේය.
තරගයේ අවසන් මිනිත්තු පහ තුළදී ශ්‍රී ලංකා පිලට තවත් ගෝලයක් එකතු වීමෙන් ලකුණු පුවරුව 36-08 ක් බවට පත්විය.
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර තරගය අනිද්දා (18) පැවැත්වේ.

