ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් කණ්ඩායම කසකස්තානය 5-0 කින් පරදවයි
චීනයේ මැකාවෝහිදී දැන් පැවැත්වෙන තෝමස් සහ ඌබර් කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු තේරීම් තරගමාලාවේදී කසකස්තානය පරදවා තරග 5-0 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ අද (15) සමත්වුහ.
කසකස්තානයට එරෙහිව තරගය ජය ලැබුවද ‘සී’ කාණ්ඩයේදී ජපානය හා තායිලන්තය හමුවේ ශ්‍රී ලංකාව පරාජය ලැබීම නිසා තරගාවලිය නිමාවීමටත් පෙරම ශ‍්‍රී ලංකාවට තෝමස් කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
තරගයේදී නිලූක කරුණාරත්න විසින් කසකස්තානයේ අර්තුර් නියාසොව් පහසුවෙන් (21/13, 21/6) පරාජය කරන ලදී. ලසිත මේනක, ආර්. එස්. දහනායක, හසිත චානක සහ සංකල්ප ගුණවර්ධන කේවළ හා යුගල ඉසව්වලට සහභාගිවුහ.
ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන ඌබර් කුසලාන තරගාවලියේද තායිලන්තය සහ ඉන්දුනීසියාව හමුවේ පරාජය ලැබීමත් සමග ශ්‍රී ලංකා පිලට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
චන්ද්‍රිකා ද සිල්වා, තිළිණි ප‍්‍රමෝදිකා, ලේඛා ෂෙහානි, නදීෂා ගයන්ති සහ කාවින්දි ඉෂාදිකා ශ්‍රී ලංකා පිල නියෝජනය කරති.

