ශී‍්‍ර ලංකා පිලේ සුබවාදී වෙනස්කම් තිබෙනවා
පුහුණුකරුවා සහ නායකයා හදිසියේම ඉවත්ව ගිය නමුත් කණ්ඩායමේ සුබවාදී වෙනස්කම් දැකිය හැකි බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පවසයි. සිය නායකත්වයේ දෙවැනි ඉනිම ඇරඹූ මහේල ජයවර්ධන විසින් මෙහෙයවන ලද ශී‍්‍ර ලංකා කණ්ඩායම පෙරේදා (8 වැනිදා) පර්ත් නුවරදී ඉන්දියාවට එරෙහිව සහභාගි වූ තුන්කොන් එක්දින තරගයේදී ඉන්දියාව හමුවේ කඩුලූ 4 ක පරාජයක් ලැබීය.
මේ වන විට 34 හැවිරිදි වියේ සිටින මහේල ජයවර්ධන පවසන්නේ නව පුහුණුකරුවා වන ග‍්‍රැහැම් ෆෝඞ් යටතේ, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට වඩාත් සාර්ථක අනාගතයක් නිර්මාණය කිරීම සඳහා තමන් කැපවී සිටින බවයි.
අපේ සිතිවිලි දහරාව, කී‍්‍රඩකයන් වැඩි වගකීමක් ගැනීම වැනි කණ්ඩායම ඇතුළේ ඇතිකළ යුතු සමහර දේවල් සම්බන්ධයෙන් අප ඕස්ටේ‍්‍රලියාවට පැමිණියාට පසුව සාකච්ඡා වට කිහිපයක්ම කළා”
අද වන විටත් ඒවායේ ප‍්‍රතිඵල දකින්න පුළුවන් වුණා. තරගයක් දිනන්න ඔවුන් තුළ තිබූ උනන්දුව වගේම ඔවුන්ගේ ආකල්ප ඉතාම හොඳයි” යයි පෙරේදා තරගයෙන් අනතුරුව මහේල ජයවර්ධන පැවසීය.
බොහෝ විට අපේ අතින් වැරදි කිහිපයක් වුණා. කොහොම වුණත් එය හොඳ තරගයක්”
සමස්තයක් වශයෙන් ඒ ගැන මට සතුටුයි” යයිද මහේල වැඩිදුරටත් පැවසීය.
කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරගය අද (10 වැනිදා) පර්ත් නුවරදී පැවැත්වේ.
මහේල ජයවර්ධන පවසන්නේ ඕස්ටේ‍්‍රලියානු පිල පරාජය කිරිමට ශී‍්‍ර ලංකා පිලට හැකියාව ඇති බවයි
ඔවුන්ගේ ශක්තිමත් කම් වගේම අපේ ශක්තිය කුමක්ද කියන්නත් අප දන්නවා. අප මෙතැනදී වඩාත් බුද්ධිමත් වෙන්න ඕනෑ” යයි මහේල පැවසීය.

