(රංජන් කස්තුරි)
2017 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මට්ටම් අනුව ලබන වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා පාසල්වලට අභියාචනා භාරගැනීම ජනවාරි 15වැනිදා සිට පෙබරවාරි 15වැනිදා තෙක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
එම ඉල්ලුම් පත්‍ර අධ්‍යාපන අමාත්‍යංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර විධිමත්ව සම්පූර්ණ කරන ලද අභියාචනා අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් එවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර සිටී.
අධ්‍යාපන අධ්‍යක්ෂ, පාසල් කටයුතු ශාඛාව, අධ්‍යාපන අමාත්‍යංශය, ඉසුරුපාය, පැලවත්ත, බත්තරමුල්ල යන ලිපිනයට අදාළ අයදුම්පත් යොමු කළ හැකිය.

