ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරෙයි


මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ පාසල් කඩඉම් ලකුණු මේ වන විට නිකුත් කර ඇත.

ඒ අනුව, ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට අදාළ පාසල්වල කඩඉම් ලකුණු දැනගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනු ලබයි.